අප ගැන
වෛද්‍ය විද්‍යා විෂයයේ අත්දැකීම් බහුල හා හදිසි අනතුරු අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපනය හා තොරතුරු තාක්ශනය ක්ශේත්‍ර වල ප්‍රවීන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනකි.
අපේ කථාව.....
ප්‍රථමාධාරයක් වනාහී යම් හදිසි අනතුරක් හෝ හදිසි රෝගයක් නිසාවෙන් ඔත්පලව සිටින, ඕනෑම තත්වයක, ඕනෑම කෙනෙක් හට ප්‍රථමයෙන් හා ක්ෂණිකව ලබා දෙන සහායකි. (ප්‍රථම + ආධාරය). එය පුද්ගලයෙකුගේ ජීවිතය මරණයෙන් ගැලවීම, යම් අනතුරක් හෝ රෝගයක් නිසා සිදුවූ හානිය තවදුරටත් සිදුවීම වැළැක්වීම, හෝ රෝගියාගේ සුවවීම ඉක්මන් කරවීමක් විය හැක. ප්‍රථමාධාර රෝගියාට රෝහලකදී නිශ්චිත ප්‍රතිකාරයක් ලැබීමට ප්‍රථමව ලබාදෙන මෙම ප්‍රතිකාරය බොහෝවිට ඕනෑම පුද්ගලයෙකුට සිදුකළ හැකි සරල හා පහසු ක්‍රම වලින් සමන්විතය. නමුත් එමගින් අදාළ රෝගියාට ලැබෙන වාසිය මෙතෙකැයි යැයි කියා නිම කළ නොහැක. නමුත් හදිසි අවස්ථා වලදී රෝහලට පැමිණෙන රෝගීන් බහුතරයක් නිවැරදි ප්‍රථමාධාර ක්‍රම භාවිත නොකරන බව හා එම නිසාම ජීවිත අහිමි වීම් හා රෝගීන්ට ප්‍රථිකාර කිරීම බොහෝ අපහසුවන තත්ත්ව ඇතිවී තිබේ.

එබැවින් ප්‍රථමාධාර පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ විසින් ලියන ලද ” A guide to Survive-First Aid” පොත වර්ථමානයේ පවතින ආර්ථික අරුබුදය නිසාවෙන් පාඨකයා අතට පත් කිරීම දුශ්කර වී ඇත. අධික මුද්‍රණ වියදමත්, කඩදාසි හිගබවත් හා ප්‍රවාහන ගැටලුත් නිසා සාමාන්‍ය පොතක් ලෙස සෑම දෙනාටම එය ලබා ගැනීම අපහසු වී ඇත.නමුත් වර්ථමාන තාක්ශනය නිසාවෙන් දැනුම කිසිදු වියදමක් නොදරා ස්වංක්‍රීය ඔන්ලයින් පාඨමාලාවක් ලෙස හැදෑරිය හැකිවනසේ මෙම ප්‍රථමාධාර පාඨමාලාව සකසා ඇත.
වෛද්‍ය විද්‍යා විෂයයේ අත්දැකීම් බහුල හා හදිසි අනතුරු අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපනය හා තොරතුරු තාක්ශනය ක්ශේත්‍ර වල ප්‍රවීන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනකි. එමගින් ඕනෑම කෙනෙක් හට නොමිලේ ප්‍රථමාධාර විශය අධ්‍යනයට ඉඩ සැලසී ඇත.
Meet Our Team and Supervisors


Dr. Roshan Hewapathirana
- MBBS, MSc, PhD, MIEEE
- Senior Lecturer
Department of Anatomy
Faculty of Medicine, University of Colombo, Sri Lanka.


Our Achievements
0+
Daily Site Visits
0+
Students
4+
Reviews
0+
Awards