FAFA
First-Aid-For-All | ඔබ සැමට ප්‍රථමාධාර
හදිසි ප්‍රථමාධාර සදහා ,
හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථාවන්හිදී ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබදව ක්ෂණිකව දැනගැනීමට ,
ප්‍රථමාධාර පාඨමාලාව හැදෑරීමට ,
හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සදහා ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබදව ක්‍රමාණුකූලව පාඨමාලාවක් ලෙස හැදෑරීමට ,

හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලුදේ හා ලබා දියයුතු ප්‍රථමාධාර, රූප සටහන් සහ වීඩියෝ සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කරඇති,ඕනෑම කෙනෙකුට අධ්‍යයනය කළහැකි, නොමිලේ ලබාදෙන online පාඨමාලාවකි.
මෙම පාඨමාලාවේ අන්තර්ගත කරුණු සදහා ” The European Resuscitation Council , St John Ambulance First Aid Guides , St Andrew’s First Aid Guides , The British Red Cross First Aid Guidelines ” ආදී ලොව පිළිගත් මාර්ගෝපදේශන (guidelines) භාවිත කර ඇත.
මෙම පාඨමාලාව වෛද්‍ය චාමර අතුකෝරළ විසින් ලියන ලද “A Guide To Survive -First Aid ” ප්‍රථමාධාර කෘතිය අනුසාරයෙන් ගොඩනගා ඇත. එම කෘතිය ජාතික පුස්ථකාල පොත් නිර්දේශ කිරීමේ කමිටුව විසින් පුස්ථකාල පොතක් ලෙස නිර්දේශ කර ඇත. ( බලපත්‍ර අංකය-NL/BRL/ 1608 )
ප්‍රථමාධාර යනු සෑම පුද්ගලයෙක්ම දැනගෙන සිටිය යුතු විෂයකි.එම නිසා ඕනෑම වයසක,ඕනෑම තරාතිරමක කෙනෙක් හට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි, හා කිසිදු අයකිරීමකින් තොරව ඕනෑම කෙනෙක් හට සම්බන්ධ වී ස්වයං අධ්‍යනය කළහැකි වනසේ මෙම පාඨමාලාව සකසා ඇත.
මෙම පාඨමාලාව පිළිබඳව වෙනත් අය දැක්වූ අදහස් ,



